
SNIPER NERO
රංජිත් ප්‍රේමසිරි අපේ රටෙන් බිහිවුනු විශිෂ්ඨතම ස්නයිපර් වෙඩික්කරුවා වනවා. මේ ඔබ අපි කවුරුත් හොඳින් අසා තිබෙන ‘නීරෝ’.
1991දී මොහුට වයස 22ක් වන විට හමුදාවට බැඳෙනවා. දියතලාව කඳවුරේ පුහුණුවෙන් පෙන්නුම් කළ දස්කම් හේතුවෙන් රංජිත්ට විවිධ පාඨමාලා රැසක් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර යුද බිමේ සියලු සුදුසුකම් සපුරා තිබූ නිසා රංජිත් දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට ඇතුළත් පාඨමලා අංක 8 සාර්ථකව හදාරා පසු ගජබා රෙජිමේන්තුවේ පස්වැනි බල ඇණියට අනුයුක්ත වී තිබෙනවා. ඉන්පසු 2000 වර්ෂයේදී සැඟවුණු වෙඩික්කරුවකු හෙවත් ස්නයිපර්වරයකු ලෙසින් රටට සේවය කිරීමට එක්වන්නේ ‘නීරෝ’ යන අන්වර්ථ නාමයෙන්. ♥
අවසන් LTTE යුද්ධය හෙවත් හතරවැනි ඊලාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදීන් 2000කට අධික පිරිසක් මේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ උණ්ඩයට ගොදුරු කරගැනීමට ස්නයිපර් සොල්දාදුවන්ට හැකියාව ලැබෙනවා. ඒ අතරින් ප්‍රභාකරන්ගේ හොඳම ස්නයිපර්කරුවන් සදහටම නිහඬ කරන්නට මොහුට හැකියාව ලැබෙනවා.
පුහුණු ලැබූ අතලොස්සක් අතරින් ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසලේ සේනා විධායක කර්නල් සංජය වනසිංහ යටතේ සටන් බිමේ සිටි දක්ෂම ස්නයිපර්කරු හැටියට නීරෝට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වන්නි මානූෂිය මෙහෙයුමට අවතීර්ණ වන විට වසර 09ක ස්නයිපර් සෙබලකු ලෙසත්, වසර 18ක හමුදා සෙබලෙක් ලෙසත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් මොහු ලබාගෙන අවසන්. 👌
මඩු, මන්නාරම, කිලිනොච්චි, පරන්තන්, පුදුකුඩුඉරිප්පු, අලිමංකඩ හා මුලතිව් ප්‍රදේශයන්හි ක්‍රියාන්විතයන්වල සැඟවුණු වෙඩික්කරුවකු ලෙස පාබල සේනාංකවලට ඉදිරියට ගමන් කිරීමේදී ඇතිවන බාධක සියල්ලම තම උපරිම උත්සාහයෙන් ඉවත් කිරීමට නීරෝ ශ්‍රී ලංකාවේ ස්නයිපර් සෙබලකු ලෙස ලබා ගත් ඉහළම ත්‍රස්ත ඉලක්ක ගණන වන ත්‍රස්ත ඉලක්ක 217ක් ලබාගන්නට සමත් වෙනවා. කොටින්ගේ භයානකම සිහිනයන්ගෙන් එකක් බවට රංජිත් පත්ව තිබෙනවා.
ඉතා දුර ඉලක්ක ලබාගැනීම අතරින් ඉදිරියෙන්ම සිටි නීරෝ ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කිරීමට සූදානම් වූ කළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් ඉතාමත් ඈත දුරකදීම ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කර එම උත්සාහය එම උත්සාහය ව්‍යාර්ථ කර දමනවා. මෙම සාර්ථක ප්‍රහාරයෙන් පසුවයි නීරෝ යුද පිටියෙන් එපිට ජනතාවගේ ස්නයිපර් වීරයකු බවට පත්වන්නේ. කිලිනොච්චි, පරන්තන් හා කිලිනොච්චි ක්‍රියාන්විතවලදී පාබල හමුදාවට අනගි සහයක් ලබාදෙමින් LTTE ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර්වරුන්නව විනාශ කරන්නට නීරෝට හැකි වෙනවා.
වරෙක පුදුකුඩුඉරිප්පුව මුදා ගැනීමේ සටනේදී ගසක් උඩ සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කරමින් සිටින නීරෝට දිස්වන්නේ බැකෝ යන්ත්‍ර දෙකක් මඟින් පස් බැම්මක් ඉදිකරමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක්. ඔහු එම අවස්ථාවේ කාල තුවක්කු ආධාර ද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත්, ඒවා මෙහෙයවූ LTTE සාමාජිකයන් සියලුම දෙනාත් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් වෙනවා. 👌
අවාසනාවකට 2009 වසරේදී LTTE සංවිධානයේ මෝටර් ප්‍රහාරයට නීරෝ ලක්වෙනවා. එම ප්‍රහාරයෙන් හරිහැටි තුවාල සුව නොවූ නීරෝ නැවතත් තම සේවට ඉටු කිරීමට යුද පිටියට යන්නේ එම වසරේ අප්‍රේල් 21වැනිදා. සේනා විධායක කර්නල් වනසිංහ නීරෝට තවදුරටත් විවේක ගන්නා ලෙස පැවසුවත් “අන්තිම සටනේ කොඩිය දානකොට මමත් එතන ඉන්න ඕනෑ” යැයි ඔහු පැවසූ බව සඳහන්. 💪
පුදුමාලතලන්හි පළමු පස් බැම්ම මත සැඟවී යුද්ධය අවසන් මොහොතේ සාමාන්‍ය ජනතාව සේ යුද හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තයන් දුර සිට හඳුනාගෙන විනාශ කිරීමේ රාජකාරිය භාරවී තිබුණේ නීරෝටයි. තව වගකීම නියමාකාරයෙන් ඉටු කරමින් සිටි නීරෝ අප්‍රේල් 28 වැනිදා උදෑසන 6.30ට පමණ LTTE ස්නයිපර් සාමාජිකයකුගේ දුරදක්නයට හසුවෙනවා. ඉන් සුළු වේලාවකට පසු ත්‍රස්ත්‍රයාගේ තියුණු උණ්ඩයට ගොදුරු වන නීරෝ පුදුමාතලන් පස් බැම්ම බදාගෙන අවසන් සුසුම්පොද හෙළනවා. එවන් විරුවන් ලේ පුදා රැක දුන් දේශයක් ශ්‍රී ලාංකිකයන් ලෙස අද ඔබ, මම, අප සියලු දෙනා සාමයෙන් ජීවත් වෙනවා. රංජිත් වසර 20ක් හමුදාවට සේවය ලබා දී ඇති අතර LTTE ත්‍රස්තවාදීන් 217කට පමණ වගකියා තිබෙනවා. මොහු ලෝක ඉතිහාසයේ හොඳම ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ලැයිස්තුවේ රැඳී සිටීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ආඩම්බරයට කරුණකි. නීරෝ ඔබ අප සියලු හදවත්හි සදා අමරණීයයි! ♥