
Hybrid නොවූ චෙස්ටර්ගේ තියරිය
චෙස්ටර් බෙනින්ටන්… නූතන පරපුරේ නැසී ගිය ආත්මීය හඬ ඔහුයි…
පුංචි කාලෙ ඉඳලා තාඩන පීඩන හැලහැප්පිලි එක්ක ජීවිතේ ගෙන ගිය චෙස්ටර් ඒ හැම අමාරුවක්ම විඳගෙන ජීවිතේ ඉස්සරහටම ගියා.
චෙස්ටර් ලෝකයක් දිනපු කෙනෙක්…
ලෝකයක් ආදරය කළ කෙනෙක්…
ඒ වගේම ලෝකයක් අඬවපු කෙනෙක්…
නමුත්.. අදටත් මිනිස්සුන්ගේ ඒ ආදරේ අඩුවක් වෙලා නෑ..
එච්චර අමාරුකම් එක්ක ජීවිතේ ජයගත්තු චෙස්ටර් නොහිතපු වෙලාවක දරාගන්න බැරි දුකක් හිතේ තියන් ඒ ජීවිතේට සම්පූර්ණයෙන්ම තිත තියනවා.
එලෙස සමු අරන් අදට හරියටම අවුරුදු 3ක්…
චෙස්ටර් තරම් සින්දුවකින් වේදනාව පිට කරන්න පුළුවන් ගායකයෙක් තවත් නැතුව ඇති. ඒකට හොඳම උදාහරණයක් Castle of glass. අදටත් අහනකොට කියාගන්න බැරි දුකක් හිතට එන සින්දුවක්… අහන හැම වෙලාවකම එ්කෙන් නොකියා කියන්නේ chesterගේ ජීවිත කතාවද කියලත් මට හිතෙනවා.. 😥
Hybrid Theoryයෙන් සංගීත ලෝකයට පය තිබ්බ චෙස්ටර්ගේ සැබෑ ජීවිතෙත් ඒ වගේම Hybrid වුණානම්.. අදටත් චෙස්ටර් ජීවතුන් අතර..
“ඔබට රිදවීමට කැමති මිනිසුන්ට බිය නොවන්න. මන්ද, ඔබ ජීවිතයට බිය වන්නේ නම් ඔබ කිසි විටෙකත් ජීවත් නොවනු ඇත.” Chester Charles Benington ❤