කළු පෙබරවාරි 16
කළු පෙබරවාරි 16

කළු පෙබරවාරි 16

2020, Apr 08    

ඔහු කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග. අපි කවුරැත් ආදරෙ කර විජය. 1945 ඔක්තෝබර් 8 වැනි දින උපත ලැබූ ඔහු ලාංකීය ජනතාවගේ ගෞරවාදරයට පත් අසහාය රංගන ශිල්පියෙකු, ගායකයෙකු මෙන්ම දේශපාලනඤයෙකුද විය.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ඔහු “හන්තානේ කතාව” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට අත් පොත් තැබිණි.

1986දී විජය එල්.ටී.ටී.ඊ කදවුරැවලට ගොස් දමිල ජනයා හමුවීමෙන් පසු එල්.ටී.ටී.ඊ තරැණ නායකයින් සුහදව හමුවිය. ඔහුගේ දේශපාලන ගමන සාර්ථක වීමට එම සිදුවීමද බෙහෙවින් බලපාන්නට ඇත.

1988 පෙබරවාරි 16 අද වැනි දිනක මූසල මද්දහනක ඔහුගේ නිවස ඉදිරිපිටදීම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලැබූ ඝාතකයන් දෙදෙනෙකු විසින් අමු අමුවේ හිසට වෙඩි තබා ඝාතනය කෙරැණේ ශ්‍රී ලාංකීය හදවත් ශෝකයෙන් මුසපත් කරවමිනි. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජ.වි.⁣පෙ නායකත්වය උපදෙස් දී තිබුණේ විජ⁣යගේ සිරැර හදුනාගත නොහැකි වන පරිදි විකෘති කිරීමටය. එපරිදිම ඔහුගේ සිරැරේ හිස කොටස වසා තිබුණු අයුරැ මට අදටත් මතකය. (රෑපවාහිනියෙන් ගුණ සැමරැමකදී)

ඔහුගේ අවසන් කටයුතු කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී සිදු කෙරිණි. තවත් විශේෂ සිදුවීමක් වන්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සජීවීව විකාශය කෙරැණු ප්‍රථම අවමංගල උත්සවය විජය⁣ගේ අවමංගල්‍ය උත්සවය වීමයි.

ඔහුගේ මරණයත් සමග එක් පුද්ගලයකු ගිනි තබාගත් අතර තවත් කිහිපදෙනෙකු දිවිනසා ගත් බව වාර්තා විය. ඒ අතර ඔහුගේ මිතුරකු වූ ඡායාරෑප ශිල්පියෙකු නිරාහාරව බීමතින් සිට පසුව මියගිය බවද වාර්තා වේ. ඔහුගේ මරණය සිදු වූ අගහරුවාදා දිනය “කළු අගහරාවාදා” යනුවෙන් හැදින්විය. ඉතින් විජය ලාංකීය ජනතාවගේ හදවත්හි කොපමණ ආදරයකට පාත්‍ර වී සිටියේදැයි කීමට අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැත.

img1

ඔහුගේ මරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් අත් පත්‍රික නිකුත්කොට මරණයේ වගකීම බාරගන්නා ලදි. එමෙන්ම මද කාලයකට පසු බොරැල්ල අක්වයිනාස් විදුහලෙහි වැසිකිළියක් තුළදී විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් මෙම කවිය එහි ලියා තිබුණි.

“ටයරය තුළ දැවෙන සොයුරනේ නුඹට

නැත පාවඩ මරණයේ බෙරද

දේශය යකුට දී වැනසී ගියයකුට

කුමටද වැළපෙන්නේ… නැතිවද මොළ කට්ට”. එලෙස එම ඝාතනය පිළිබඳ විවිධ අන්දමින් අදහස් කියැවිණි. නමුත් ඒ වනවිටද අපට යහපත් නිහතමානී පුරැෂයෙකු අහිමි වී හමාරය.

චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය වීමෙන් අනතුරැව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළාය. කොමිසම ඉදිරියේ පුද්ගලයන් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3’441කින් සමන්විත වී ඇත.

ඒ අපූරැ මිනිසා දේශපාලනඤයෙකුට වඩා ජනතාව⁣ගේ හදවත් දිනාගත්තේ අපූරැ රංගන හැකියාව නිසාම බවනම් සහතිකය. ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාවද 100කට වැඩිය. (ගඟ අද්දර, දිනකර පායා, කවුළුව අතරින්, වේදනා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රෑස්ස ගහ යට) යන කැසට් පටවලින් ඔහු කිසිම මුදලක් ලබාගෙන නොමැත.

මට මතකයි තම අපේ අම්මා විජය ගැන කියපු කතාවක්. ඇදුම් මැසීම ජීවනෝපාය කරගත් එක්තරා තරැණියන් දෙදෙනෙක් මැෂිමක් ගන්න ආර්ථික තත්ත්වයක් නොමැතිව තිබියදී ඔවුන්ට විජය විසින් මැෂිමක් ලබා දී තිබිණි. එය ලබා දී ඔහු ඔවුන්ට පවසා ඇත්තේ “නංගී මේක මම දුන්නා කියලා කවුරැවත් දැනගන්න ඕන නෑ” කියාය. ඔහුගේ මරණයෙන් පසු මෙම තරැණියන් දෙදෙනා මාධ්‍ය හමුවේ හඬා වැටී එම කතාව පවසා ඇත.

වර්තමාන සමාජයේ කුමන හෝ පිනක් දහමක්කොට සෙල්ෆි ගසමින් ෆො⁣ටෝ ගනිමින් පින සහ උදව් මාකට් කරන සමාජයේ විජය කුමාරණතුංග සොඳුරැ මිනිසෙකු විය.

ඔහු විසින් තම ජීවිතයේ අවසාන සහ ප්‍රථම වතාවට නිශ්පාදනය කරනු ලැබූ “වරදට දඬුවම” චිත්‍රපටය තිරගත වූයේ වරදක් නොමැතිව දඬුවම් ලැබූ විජයගේ දුක්බර අවසානයෙන් පසුවය.

මගේ ජීවිතේ මම ආදරේ කරන රංගන ශිල්පියා ඔබයි.. ගායකයාද ඔබයි..

ඔබ රැව ඡායා සැඟවේ පායා..❤️

විජය ඔබ සදා අමරණීයයි… මෙය ඔබට උපහාරයක් වේවා!!!