
භාතිය ජයකොඩි
භාතිය කොහොමද ඉතින් මේ දවස්වල වැඩකටයුතු එහෙම?
මේ දවස්වල ඉතින් කොන්සර්ට් කිහිපයක වැඩකටයුතු තියෙනවා. අලුත් සින්දු වගයක් හදාගෙන යනවා. ඔය වගේ දේවල් එක්ක තමයි මේ දවස්වල කාලෙ ගෙවෙන්නේ.
තවම B & S වැඩිය සද්දයක් නෑ. වසරේ මුල නිසාද?
ඔව්. තවම කාලයක් ලැබුණේ නෑ. නමුත් 2020 වසර අවසානය වෙන්න කලින් සද්ද කිහිපයක්ම තියෙනවා එළියට දාන්න. නමුත් මේ වෙනකොට අපේ අලුත්ම සින්දු වන ‘සරාගී ඇසිල්ලේ’ සහ ‘සෙබල පුතු’ එළිදක්වලා තියෙනවා.
ඔබේ මේ අවුරුද්දෙ මුල එළිදක්වපු ‘සරාගී ඇසිල්ලේ’ සහ ‘සෙබල පුතු’ කියන ගීත නරඹපු ප්‍රමාණයන් ලක්ෂ අටත් පසුකරලා. තව ඒ වගේ අලුත් නිර්මාණ ඉදිරියේදී අපිට දැකබලාගන්න ලැබෙයිද?
ඔව්. ඒ ගීත සඳහාත් ගොඩක් දෙනාගෙන් හොඳ පුතිචාර ලැබුණා. ඒ වගේම දැනට මේ අවුරුද්දේ එළියට දාන්න ගීත හතරක් පහක්ම ලෑස්ති කරලා තියෙන්නේ. එයින් එක් ගීතයක් අප්‍රේල් මාසය වෙනකොට එළිදක්වන්න සූදානමින් ඉන්නේ. එතනින් පස්සේ ඉතින් අවුරුද්ද පුරා මාස දෙකකට සැරයක් භාතිය - සන්තුෂ්ලාගේ අලුත් මියුසික් වීඩියෝ කිහිපයක්ම රසිකයන්ට දැකබලාගන්න පුළුවන් වෙයි.
ලෝකය පුරා මේ පැතිරිලා යන වෛරස් එක නිසා B & Sලගේ වැඩ මග ඇණහිටලත් ඇති නේද?
ඔව්. මේ වෙනකොට විදෙස් සංචාර කිහිපයක්ම යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඒ සංචාරනම් කොහොම වේවිද කියන්න බැහැ ඉස්සරහට මේ ලෝකෙ වටේම ව්‍යාප්ත වෙලා තියෙන වෛරස් එකත් එක්ක. ඉතින් සැලකිය යුතු අන්දමින් අපිට ලොකු පාඩුවක් මේ වෛරස් එක නිසා වෙලා තියෙන්නේ.
කොරෝනා නිසා ප්‍රසංග සියල්ල අවලංගුයි
භාතිය හිතනවද කලාව දේශපාලනීකරණය වෙලා කියලා හිතනවද?
ඔව්. මම එහෙම හිතනවා. කලාව විතරක් නෙවෙයි වර්තමානයේ ලංකාවේ තියෙන හැමදේම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ මට හිතෙන විදිහට.
ළඟදිම අලුත් ප්‍රසංගයක් තියෙනවා නේද?
ඔව්. මේ ප්‍රසංගය ගොඩක් විශේෂයි. මොකද අවුරුදු ගාණකට පස්සේ තමයි මම, සන්තුෂ්, රූකාන්ත ගුණතිලක, උමාරියා සිංහවංශ සහ බිලී ෆර්නැන්ඩුගේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ ප්‍රසංගය කරන්න සූදානම් වෙන්නේ.
ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් තියෙනවා නේද?
ඇත්තටම ඔව්. අනිත් විශේෂ කාරණය තමයි අපි Unplug show එකක් කරලා නැහැ ගොඩ කාලයක් යනකල්. ඉතින් මේ අවුරුදු ගාණකට පස්සේ කරන භාතිය - සන්තුෂ්ලගේ Unplug show එකක් මම හිතන්නේ රසිකයන්ට ඉක්මනින්ම දැකබලාගන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ ප්‍රසංගයේ තියෙන අනිත් විශේෂත්වය.
ළඟදි කරන ප්‍රසංගයට අමතරව තව ලංකාවේ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මොහමයි. මේ අවුරුද්දේ මේ ඡන්ද වැඩකටයුතු නිසා සහ ලෙඩ රෝග ආදිය නිසා කොහොමත් ඉතින් ප්‍රසංග අඩු වෙන්න පුළුවන්. ඒත් අප්‍රේල්වලින් පස්සේ ලොකු ගැටලුවක් වෙන එකකුත් නෑ කියලා හිතනවා.