
ගෑණිවයි රයිෆලයයි දෙකම ගෙදර තියා යුද්ධෙට ගිය ඩෙස්මන් ඩෝස්..
යුද්ධෙට ගියාමයි කියමුකෝ ගෑනිව ගෙදර තියලා.. හැබැයි රයිෆල් එකක් නැතුව යුද්දෙකට යන්න සෙබලෙක්ට පුළුවන්ද? ඒකත් එසේ මෙසේ නෙවෙයි. දෙවෙනි ලෝක යුද්දය. සටන තියෙන්නෙත් ලේසිපහසු කණ්ඩායම් දෙකක් එක්ක නෙවෙයි.
වැටෙන්න වැටෙන්න නැගිටින්න දන්න ජපන් හමුදාවත්, අත්හරින්න කැමති නැති ඇමෙරිකානු හමුදාවත් අතර තමයි මේ යුද්දය තියෙන්නේ. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා..
හැබැයි ගෑනිව ගෙදර තියලා තුවක්කුව කෑම්ප් එකේ තියලා ගිය හමුදා සොල්දාදුවෙක් ඉන්නවා. ඒ තමයි ඩෙස්මන් ඩෝස්.
ඇමෙරිකානු හමුදාවේ වෛද්‍යවරයෙක් ලෙස තමයි ඔහු සේවයට බැඳෙන්නේ. හැබැයි අවුරුදු ගාණක් හමුදා සේවයේ හිටියට මොහු හමුදාවට ගැලපෙන විදිහට නෙවෙයි සේනාංකයේ ඉන්නේ. ඔහු කොයිම මොහොතකවත් තුවක්කුවක් අතින්වත් අල්ලන්න කැමති නෑ. ඒ වෙන කිසිත් නිසා නෙවෙයි මනුෂ්‍ය ඝාතනයට අකමැති නිසා. “මම හමුදාවට බැඳුණේ වෛද්‍යවරයෙක් විදිහට. වෛද්‍යවරයාගේ රාජකාරිය මිනිස්සු බේරගන්න එක මිසක් මරණ එක නෙවෙයි. ඒ නිසා මට රයිෆල් එකක් අවශ්‍ය නෑ.” ඔහුගේ මෙම ක්‍රියාව නිසා විවිධ තාඩන පීඩනවලට පවා ඔහුට ලක්වෙන්නට සිදුවෙනවා.
කණ්ඩායම බාර සාජන් ඩෙස්මන්ට විහිළු කරන්නේ “හුළඟට ගහගෙන යයි පරිස්සමෙන්” කියලා. අන්තිමට සාජන්ටත් ජීවිතේ බේරගන්න වෙන්නේ මේ කැහැටු කොල්ලගෙ උදව්වෙන් කියලනම් හිතන්නවත් නැතුව ඇති. 😌
ඩෙස්මන්ගේ කුඩා ශරීරය තුළ සැඟවී ඇති අප්‍රතිහත ධෛර්යය, අභීතභාවය, ශක්තිය සටනේ අවසානය වනතුරු කිසිවෙකුත් වටහාගන්නෙ නෑ.
Hacksaw ridge කියන්නේ ජපන් හමුදාව විසින් භූගතව පවත්වාගෙන සටන් කඳවුරක්. අමෙරිකානු හමුදාව ගුවනින්, ගොඩබිමෙන්, මුහුදින් කොපමණ ප්‍රහාර එල්ල කළත් Hacksaw Ridge කියන්නේ වටලන්න අමාරැම ස්ථානයක්. ජපන් හමුදාවගේ ප්‍රති ප්‍රහාර හමුවේ පසුබසින අමෙරිකන් හමුදාව කන්දෙන් පහළට නැවතත් පසුබසිනවා.
නමුත් ගිය අයගෙන් බාගයක්වත් නැවත පැමිණෙන්නෙ නෑ. ඒ අතර නිරුපද්‍රිතව ඩෙස්මන් ඩෝස් පවා ඉන්නවා. ජීවිතය බේරගන්න උපරිම අවස්ථාවක් තිබියදීත් ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේ යුද බිමේ තුවාල ලැබූවන් කෙසේ හෝ නැවතත් කන්ද පහළට රැගෙන යාම. ඉතින්… ඩෝස් එයාගේ දෙවියන් සේ අදහන රාජකාරිය පටන් ගන්නවා. කෙසේ හෝ ඔහුට එම ගැටුමෙන් පසුව තුවාල ලැබූ හමුදා සෙබළුන් 75 දෙනකු බේරාගැනීමට සමත් වෙනවා.
විශේෂම කාරණාව තමයි මේ 75 දෙනාගේ ගොඩට ජපන් හමුදා නිලධාරීන් 3දෙනකුත් අයත් වීම.
මොහුගේ එම ක්‍රියාව කොපමණ අනෙකුත් සෙබළුන්ගේ හදවතට කාවදිනවද කියතොත් ඊළඟ ප්‍රහාරය එල්ල කරන්නට ඩෙස්මන් ඩෝස් නැතුව යන්න අකැමති වෙන තත්ත්වයට අමෙරිකානු සෙබළුන් පත්වෙනවා. 💪
චිත්‍රපටිය අවසාන හරියෙදී පෙන්නවා ඩෙස්මන්ට යන්න සිද්ධ වෙනවා ජපනුන්ගේ භූගත බංකරයක් ඇතුළට. ඔහු එහි ගමන් කරමින් සිටියදී හමුවෙනවා තුවාල ලැබූ ජපන් සෙබළෙක්. නමුත් ඩෙස්මන් ජපන් හමුදා සෙබළුන් හැමතැනම සැරිසරන ඒ බංකරේ ඇතුළෙම ඔහුව සන්සුන් කරලා බෙහෙත් කරනවා. ඒ තමයි යුද්දය කියන වචනයට වඩා වෛද්‍යවරයා යන වචනය පණ මෙන් හිතේ රඳවගෙන භයානක හමුදා ක්‍රියාන්විතය නිරත වුණ ආදරණීය ඩෙස්මන් ඩෝස්..
අවසානයේදී කොහොමින් කොහොමහරි ප්‍රති ප්‍රහාර එල්ල කරලා ජපන් හමුදාව පරදා Hacksaw Ridge ජයග්‍රහණය කරන්න අමෙරිකානු හමුදාව සමත් වෙනවා.
චිත්‍රපටයේ ඩෙස්මන් ඩෝස් හමුදා සෙබළුන් බේරගන්න අවස්ථාව පුරාවටම මගේ හිතේ රැඳුණෙ එකම දේ වුණේ “දෙවියනේ ඩෙස්මන්ට වෙඩි වදීද?” කියලා. 😥
මම දෙවියන්ගෙන් ඩෙස්මන්ගේ ජීවිතේ යැද්දට ඩෙස්මන් හැමවෙලේම එක් සෙබළෙකු බේරාගෙන අවසානයේ පතන්නේ “අනේ දෙවියනේ මට තව එක සෙබළෙක් බේරගන්න උදව් කරන්න” කියලා.
නමුත් අවසානයේ ඔහුටත් වෙඩි වදිනවා. වාසනාවට අවාසනාව ඔහු කරා මරණය කැඳවාගෙන ආවේ නෑ. එනයින් ඔහු අවුරුදු 87කුත් පරම ආයුෂ විඳ 2006දී ස්වභාවික මරණයකින් මෙලොව හැර යනවා.
චිත්‍රපටයේ අවසානයේදී සැබෑව ඩෙස්මන් සහ කපිතාන් ජැක් ග්ලෝවර්ගේ යුද්ධය ගැන කියන පුංචි කොටසක් තියෙනවා. ඒ අතරෙදි ඩෙස්මන් ඔහුව බේරාගත් ආකාරය ගැන කියනකොට කපිතාන් ග්ලෝවර්ගේ ඇසින් යන්තමට කඳුලක් වැටෙනවා. ඒ කඳුළෙන්ම හිතාගන්න පුළුවන් ඩෙස්මන් ඔහුගේ සගයන් බේරගන්න කොච්චර ලොකු කැපකිරීමක් කළාද කියලා. ❤️
ඒ කැපකිරීම නිසාම ඔහුට අමෙරිකාවේ හිටපු ජනපති කෙනෙක් වන හැරී ටෘමන් අතින් Medal of Honor කියන අති විශේෂ පදක්කමක් පවා හිමිකරගන්න ලැබෙනවා.
ඩෙස්මන්ගේ යුද ඉතිහාසයේ මරා දැමූ සතුරන් ගණන 0කි. නමුත් බේරාගත් සංඛ්‍යාව 75කි. ඔස්කාර් සම්මාන 6කට නිර්දේශ වී ඇති මෙම චිත්‍රපටය යුද වාර්තාමය චිත්‍රපට අතරින් ප්‍රමුඛ පෙළේ චිත්‍රපටයක් ලෙස හැඳින්වීම වැරදි නෑ. කොහොමත් ඉතින් Apocalypto වගේ චිත්‍රපටියක් හදපු කෙනෙක්ගේ තවත් චිත්‍රපටියක් වරදින්න විදිහක් නෑනේ නේද?
ඇත්තටම මේ ඩෙස්මන් ඩෝස් වගේ අදහන්න වටින නිලධාරීන් ලංකාවෙත් හිටියා. කුමන රටක වුවත් මේ වගේ අනෙකා වෙනුවෙන් කැපවෙන සෑම සෙබළෙක්වම අප සැමරිය යුතුමයි. ❤️🙏
“මම එයාට රයිෆලයක් අරගෙන යන්නකිව්වෙ එයාගෙ හොඳට වුණත්, එයා ගාව රයිෆලයක් නොතිබ්බනම් එයා මගේ එහා පැත්තෙන් ඉන්න එකක් නැති වෙයි කියලා හිතුවා. ඒත් වෙච්ච ගොඩක් දේවල්වලට පස්සේ මට තේරුම්ගියා එයා තමයි නිර්භීතම පුද්ගලයා කියලා.
අන්තිමේදි එයා මගේ ජීවිතේ බේරගත්ත එක මට කරපු සරදමක් වුණා” 😇