
ජයශ්‍රී
හනුමන්තා සින්දුව රිලීස් වුණේ 2002 අවුරුද්දේ. ඒ කාලේ මං හිතන්නේ මේ කාලෙට වඩා රටේ වාතාවරණය හොඳට තියෙන්න ඇති. වර්තමානෙ රටේ පවතින තත්ත්වයත් එකක බලනකොට ජයශ්‍රීලා ගාණට සෙට් වෙන්නම සින්දුව ගහලා තියෙනවා කියලා හිතෙනවා.
ඇත්තටම හනුමන්තා සින්දුව අහලා තිබුණත් අවුරුදු ගාණකට පස්සේ අද තමයි නිදහසේ ඔළුවට වදින්න ඇහුවේ තේරුම දැනගන්න ඕන නිසාම. මේ ළඟදි Rohitha අයියා එක්ක කතා කර කර ඉන්නකොට මම කිව්වා “අයියේ ඔයාගේ කවර් ෆොටෝ එකේ තියෙන ලොවම නැවතිලා නිහඬයි වගේ කියන ඉමේජ් එක මාර විදිහට මේ දවස්වල ෂෙයා වෙනවනේ. ඇත්තටම දැන් ලෝකෙම නිහඬයි නේද” කියලා.
එතකොට රෝහිත අයියා කිව්වා “නංගි ඕක විතරක් නෙවෙයි ගොඩක් අය දැන් හනුමන්තත් මතක් කරලා ‘අයියේ ඔයාලා හරියටම මේ දේවල් ගාණට කිව්වේ කොහොමද’ කියලා අහනවා” කියලා. ඒ නිසාම අද මතක් වෙලා මම විශේෂයෙන්ම හනුමන්තා ඩවුන්ලෝඩ් කරන් පස් හය පාරකට වඩා ඇහුවා. ඒ අහනකොට මට මතක් වුණේම ‘දියවන්නා කුමාරියේ’.. දෙකේම කතාව සමයි. වෙනසකට තියෙන්නේ ජයශ්‍රීලා අනාගතේ මෙන්න මෙහෙම දෙයක් වෙයි කියලා සින්දුවේ කිව්වා. දියවන්නා කුමාරි ලංකාවේ සිදුවන සියලුම කාලීන දේවල් එකට එකතු කළා. 💚
මම ඉතින් කොහොමත් රසවත් දෙයක් ගැන ඔළුවට වැටුණු ගමන් බුකියට දානවනේ. කලින් “පොඩ්ඩියේ” ගැනත් මම මේ වගේ එකක් දැම්මා. අද හනුමන්තා ගැන දාන්න හිතුණා. ☺️
චාල්ස් ඩාවින් කිව්වා බයිලා ඔහෙලා අපෙන් පැවතෙනවා කියලා චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා වන සත්තු අපි නෑ විපත්ති කරලා
ඔහෙලාගේ දිවි දික්කරගන්නට ගන්නව අපෙ දිවි අත්හදා බැලුමට හිංසාවාදී දාන්නෙ බාල්දි කවදාහරි ඔහෙලාට වදීවී..
දැන් අපිට වැදිලද නැද්ද? 🙂
2011 අවුරුද්දේ රිලීස් වුණ Contagion චිත්‍රපටිය බැලුවනම් මෙන්න මේ උඩ පදවල තියෙන දේ ඒකෙ තිබුණා කියලා මතක් වෙයි.. මුළු රටේම පැතිරෙන වෛරස් එකේ අතුරු ප්‍රතිඵල ඉස්සෙල්ලම අත්හදා බලන්නේ වඳුරන්ගේ ඇඟට එන්නත් කරලා. පෙන්නුවෙ නැති වුණාට ඒ දේ කියනවා.
බලන් ගියාම වානරයන්ගෙන් පැවතෙන්නො කෙළවලා තියෙන්නෙත් උන්ගේ පරම්පරාවටමයි. වෛරස් විතරක් නෙවෙයි ඕනම භයානක දෙයක් ඉස්සෙල්ලම අත්හදා බලන්නේ සත්තුන්ගෙන් තමයි. ඉස්සෙල්ලම මැරෙයිද කියලා බලන්න හඳට යැව්වෙත් බැල්ලියක්වනේ. කරන්න දෙයක් නෑ මිනිස් ජීවිතවල වටිනාකම තිරිසනුන්ට වඩා වටින නිසානේ ඒ. හැබැයි මිනිස්සුන්ට වඩා තිරිසනුන් වටින කාලයකුත් ඉස්සරහට එයි.
ජය ශ්‍රී ඔයාලත් මාරයි… 🙈
දැන් මුළු ලෝකෙටම ඇත්තටම වෙලා තියෙන්නෙත් කූඩු කරන් සත්තු ඇතිකරපු මිනිස්සු කූඩු වෙලා නිදහස අහිමි වෙලා. සත්තු නිදහසේ එළි බැහැලා. වෛරස් වුණත් එලෝ එලෝ පස්සෙන් එන්නෙ මිනිස්සුන්ගේ විතරයි.
ඉක්මන් ගමනට හැදුවා ඔහෙලා වාහන කියලා තෙල් දා දුවනා පුච්චා අරිනා දුම් පිට කරනා Co2 මුළු ලොව නැති කරනා
හදන්න ඔහෙලගේ නිවාස ලී බඩු කපනවා වටිනා කැලෑ ලොව වටා නැති කරමින් අපෙ ජීවන ප්‍රදේශ ගෙනෙනවා ළඟටම ලෝක අන්තිමේ
මෙහෙම ගියොත් අපි කාට කාට ඕසෝන් හිලෙන් එන පාට පාට රැස්වලින් පිච්චිලා මුළු සංහතියම යයි මරු තුරුලට ගාට ගාට
කැලෑ එළි කරගෙන යන ගැම්මෙන්ම ගම්මානත් හදනවා කැලෑවල. පස්සේ කැලෑවල ඉන්න සත්තු ගම්මානවලට ආවම උන්ව මරනවා ගමට ආවා කියලා. 🙂 මතකනේ අර දිවියට කරපු විනාසේ?
අනිත් කාරණය… මේ ලෝකෙ හැමෝම දන්නවා අවුරුද ගාණක් තිස්සේ ඕසෝන් ස්ථරය දරුණු විදිහට හානි වෙමින් තියෙනවා කියලා. ඒත් දැන් ඕසෝන් ස්ථරය හරි අගේට ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවලු. ඒ මේ වසංගත තත්ත්වයත් එක්ක මුළු ලෝකෙම නිහඬව ඉන්න නිසා වෙන්නත් බැරි නෑ.
සන්තෝසයි නේද?
වැඩිය සන්තෝස වෙන්න එපා. මොකද හැමදාම කර්මාන්තශාලා වහලා තියන්න, වාහන ගෙවල්වලම තියාගන්න බෑනේ. කවදහරි නැවතත් සුපුුරුදු පරිදිම වැඩ රාජකාරිවල නිරත වෙන්න වෙනවා. ඒ වගේම සුපුරුදු පරිදිම ස්ථරය ආයෙමත් හානි වෙන්න පටන්ගන්නවා. මේක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි කර්මය. අපිම අපේ විනාසෙට ළං වෙනවා. 😪
ඕං රීං කට්ටු කට්ටු ඔහෙලගේ මොළවල පිට්ටු පිට්ටු මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු 💖
සොබාදහම එක්ක සෙල්ලම් කරලා කරලා හති වැටුණට පස්සෙ සොබාදහමෙන්ම විනාස වෙන්න යන්නේ හරිම කෙටි කාලයයි. ඒ වගේම සොබාදහම වියරු වුණ වෙලාවට වරදට දඬුවම් දෙන්නෙ වැරදිකාරයොම හොය හොය නෙවෙයි. 😐
ඇත්තටම මේ වගේ සින්දු ගොඩක් ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අනාගතය දැකලා තියෙනවා. 😶🤕