චතුරංග ලක්ෂාන් කොඩිතුවක්කු
චතුරංග ලක්ෂාන් කොඩිතුවක්කු

චතුරංග ලක්ෂාන් කොඩිතුවක්කු

2021, Feb 10    

ඉතින් චතුරංග කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳින් ගෙවෙනවා. මේ දවස්වලනම් ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම්, ගීත රෑප රචනාවල රෑගතකිරීම් එක්ක තමයි කාලේ ගෙවෙන්නේ. දැනුත් මේ වෙළෙඳ දැන්වීමක රෑගතකිරීමකට ගාල්ලෙ ඇවිත් ඉන්නේ.

පවුලේ විස්තර කිව්වොත්?

පවුලේ මමයි, අම්මයි, තාත්තයි. තාත්තනම් දැන් ජීවතුන් අතර නෑ. මම තමයි පවුලේ එකම ළමයා.

චතුරංග කරගෙන යන වැඩවලට වසංගතයෙන් බාධා වීම් ඇතිවෙලා නැද්ද?

වසංගතේ යම්කිසි බලපෑමක් කළා. ගොඩ දවසක් සියලුම වැඩ මග නැවතිලා ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. නමුත් ඒ කාලෙත් මම පොත් කියවලා, අලුත් අලුත් ෆිල්ම්ස් බලලා ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තා.

අනාගතේ පෙළගැස්විලා තියෙන වැඩ කටයුතු මොනවද?

වැඩ කිහිපයක්ම තියෙනවා ඉස්සරහට එන්න. තිර පිටපත් පවා ලැබිලා තියෙනවා. නමුත් ඒවත් මේ තත්ත්වය එක්ක කොහොම වෙයිද කියන්න බෑ.

චතුරංග කියන්නේ රංගනයට පැමිණෙන්න පෙර සිටම තරැණියන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්. කොහොමද ඒ ජනප්‍රියතාවය ලැබුණේ?

මම ගොඩක් තරැණ වයසේ ඉඳන්ම ඡායාරෑපකරණය පටන්ගත්තා. ඊටපස්සේ කාලයක් Let me know.lk එකේ ප්‍රධාන ඡායාරෑප ශිල්පියා විදිහටත් හිටියා. ඒ වගේම විවිධ විලාසිතා කරන්න මම කැමතියි. මම මගේ ඡායාරූපය ගොඩක් සමාජ මාධ්‍යයන්වවලට දැම්මා. ඒ ඡායාරෑපකරණය නිසාත් විලාසිතා නිසාත්, විශේෂයෙන්ම මගේ පෙනුම නිසාත් තමයි ඒ ආකර්ෂණය රංගනයට එන්න පෙර සිටම මට ලැබු‍ණේ.

දැන් ඒ තරැණියන්ගේ ආකර්ෂණය තවත් වැඩි වෙලානේ ඇත්තේ. මොකද හිතෙන්නේ ඒ ගැන?

ඒක ලොකු වාසනාවක්. හැමෝටම නොලැබෙන දෙයක්. මේ ක්ෂේත්‍රයට එන්නත් ටිකක් අමාරැයිනේ. මට වඩා දක්ෂයොත් ඉන්නවනේ. නමුත් කීපදෙනාටයි කලාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. නමුත් අපි දැනගන්න ඕන අපිට ලැබුණු අවස්ථාව අපතේ නොයනා දිගු කල් පැවැත්මක් තියාගෙන නොවැටී කලාව තුළ රුඳිලා ඉන්න. මම ගොඩක් ප්‍රසිද්ධිය පස්සෙ යන කෙනෙක් නෙවෙයි.

ඡායාරෑපකරණයේ නියැලී සිටි ඔබ කොහොමද රංගනයට පැමිණෙන්නේ?

මට කොහොමත් පොඩි කාලේ ඉඳලම ආසාව තිබුණා කලා ක්ෂේත්‍රයට එන්න. අඩුමගාණේ මාධ්‍ය ක්ෂේත්‍රයට හරි. මම මගේම පින්තූර අරන් ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් දැම්මා. ඊටපස්සේ තමයි මට ටික ටික විවිධ දේවල්වලට ආරාධනා ලැබුණේ. ශිරන්ත ප්‍රසාද් අයියා තමයි මට %හදවතේ කතාව^ට ආරාධනා කළේ.

චතුරංග කියන්නේ විලාසිතාවන් තුළින් වැඩියෙන් කැපී පෙනෙන චරිතයක්. විලාසිතා කරනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ?

මම ගොඩක් බොලිවුඩ් විලාසිතා තමයි අනුගමනය කරන්නේ. නැතිනම් මමම මට ගැලපෙන විලාසිතාව කරනවා. පාට ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. ගොඩක් ලොකුවට විලාසිතාව ගැන හිතලම කරන්නෙ නෑ. නමුත් ඕනම ඇඳුමක් ඇන්දම කරැමෙට හරි මට ඒ දේ ගැලපෙනවා.

මෑතකාලීන මෙගා ටෙලි නාට්‍ය නළු නිළියන්ට එල්ලවන දෝෂාරෝපණ වැඩියි. චතුරංග එහෙම දේවල්වලට මුහුණ දීලා නැද්ද?

ඒක සාපේක්ෂයි. අම්මෝ මටත් මිනිස්සු බනිනවා ඇති ඕනතරම්. නමුත් ප්‍රේක්ෂකයා බලන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙගා නාට්‍යයක් වුණත් ඕක පිටිපස්සේ හැම කෙනාම කණ්ඩායම්ගත වෙලා කරන්නේ ලොකු වැඩක්. එකම විදිහට තමයි මහන්සි වෙන්නේ. ඒක මෙගාද සම්භාව්‍යයද කියලා වෙනසක් නෑ. මං කියන්නෙ නෑ මෙගා තමයි හොඳම කියලා. නමුත් මෙගා කියන දේත් තිබිය යුතුයි නේද? නමුත් ලංකාවේ මෙගා නාට්‍ය කලාවෙන් වුණත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා.

ඔබට තියෙන්නේ ලේසියෙන්ම කලාවට පාර හොයාගෙන ආපු ගමනක්ද නැතිනම් අමාරැවෙන් ආපු ගමනක්ද?

මට ඕන වුණේනම් ලේසියෙන්ම සම්බන්ධ වෙන්න තමයි. ඕන කෙනෙක් කැමතිනේ තමන් කැමති වැඩේ ලේසියෙන්ම කරගන්න තියෙනවනම්. මටනම් ඇත්තටම තියෙන්නේ දැන් අවුරැදු පහක විතර කාලයක විතර ඉඳන් ටිකින් ටික හෙමීට ආපු ගමනක්. එකපාරට ලේසියෙන්ම හම්බුණා කියන්න බෑ. කොහොම නමුත් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක්නම් මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලනම් බලාපොරොත්තු වුණේම නෑ. ඒකනම් එකපාරටම තමයි ලැබුණේ. නමුත් මේ තැනට එන්න අවුරැදු ගාණක ඉඳන් කරපු කැපවීමක්, කාපු කට්ටක් තියෙනවා.

චතුරංගගෙ පෙම්වතිය ගැනත් කියමු.

ඇය මියැසි. ඇයත් මේ ක්ෂෙත්‍රයේම තමයි. දැන් අපේ සම්බන්ධයට අවුරුදු දෙකක් විතර. ඇයව මට මුණගැසුණේ ෆොටෝ ෂූට් එකකදි.