
කොරෝනා වෛරසයෙන් බැට කෑ හොලිවුඩ් තරු
ඉතින් ඒ වෛරසයේ බලපෑම ලෝකෙ ප්‍රසිද්ධම කලාකරුවන්ට කලාකාරිනියන්ටත්බලපෑවේ මෙන්න මෙහෙමයි. කිරීටක වෛරසයෙන් බැට කෑ හොලිවුඩයේ තරු කවුද කියලා තමයි අද අපි ටිකක් හොයලා බැලුවේ.
Tom Hank සහ Rita Wilson
මේ වෛරසයට ගොදුරු වූ හොලිවුඩ් නළු නිළියන්ගෙන් වැඩිම අවධානයක් යොමු වුණ තරු දෙපලක් තමයි ටොම් හෑන්ක් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් කියන්නේ. ඔවුන් දෙපළට වෛරසය වැළඳී තිබුණේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියදීයි. මාර්තු 11 වැනි දින ටොම් සිය ට්විටර් ගිණුම ඔස්සේ සිය රසිකයන්ට දන්වා තිබුණේ තමාටත් තම බිරිඳටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි. ඔවුන් දෙපළට හදිසියේ ශරීරයේ අපහසුතාවයත් සමඟ හට ගත් උණ ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු වෛරසය වැළඳී ඇති බව තහවුරු විය. ස්ව කැමැත්තෙන්ම නිරෝධායන කටයුතුවලට සහභාගී වුණ ටොම් හෑන්ක් සහ බිරිඳ රෝහල දින 5ක් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව විවේකී සුවයෙන් දින කිහිපයක් ඕස්ට්‍රේලියාවේ රැඳීමෙන් අනතුරුව මාර්තු 27 වැනි දින ලොස් ඇන්ජලීස් වෙත පැමිණියා. ඒ විතරක් නෙවෙයි ලොස්ඇන්ජලීස් ගිය පසු ඔවුන් දෙදෙනා ස්වෙච්ඡාවෙන් කෝවිඩ් 19 එන්නතක් සඳහා රුධිරය සහ ප්ලාස්මා පරිත්‍යාග කිරීමට තරම් කාරුණික වෙලත් තියෙනවා.
Olga Kurylenko
2008 තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක චරිතයක් සමඟින් ප්‍රේක්ෂක අමන්දානන්දයට පත්වූ ඔල්ගා අද හොලිවුඩයට නැතිවම බැරි චරිතයක් වෙලා තියෙනවා. Oblivion, Hitman, Johnny English, The Courier, Room වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට ඔස්සේ ඇය ප්‍රේක්ෂකයා හමුවට පැමිණියා. ඇයටද වෛරසයේ බලපෑමක් ඇති වුණා. ඇයට ඇති වූ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරුන් තහවුරු කළේ ඇයගේ වෛරස තත්ත්වය ධනාත්මක බවයි. ඔල්ගානම් ඇයගේ අසනීප තත්ත්වය ගොඩක් හිතට අරන් කටයුතු කරපු නිළියක්. ඒ වගේම ඇය ඇයගේ රසිකයන්ටත් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පවසා සිටියේ නිවසට වී පරිස්සම් වෙන ලෙසත් කොරෝනා වෛරසය සුළුවෙන් නොතකා බැරෑරුම් ලෙස සලකන ලෙසටත්ය.
Idris Elba
එල්බා කියන්නේ එංගලන්ත ජාතික ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක්. ඒ වගේම රචකයෙක්, ගායකයෙක්ද වෙනවා. Fast & Furious: Hobbs & Shaw, Thor, Pacific Rim, The Dark tower වැනි චිත්‍රපට ගණනාවක් ඔස්සේ රංගනයෙන් දායක වූ ඔහු හොලිවුඩයේ සිටිනා ආකර්ෂණීය නළුවෙක්. එල්බා පසුගිය මාර්තු 16 වැනිදා ට්විටර් ඔස්සේ වීඩියෝවක් මගින් ඔහුගේ රසිකයන්ට පවසා සිටියේ ඔහුගේ කොරෝනා වෛරස තත්ත්වය ධනාත්මක වී ඇති බවයි. ඔහු කොරෝනා රෝග ලක්ෂණයන්ගෙන් තොර වූවත් වෛරසයෙන් පෙළුණු කෙනකු සමඟ නිරාවරණය වී ඇති බව දැනගැනීමෙන් පසුව ඔහු පරීක්ෂණ සඳහා යාමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔහු පවසා සිටියේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගෝලීය සහයෝගීතාව, සමාජ දුරස්ථභාවය සහ නිරතුරුවම දෑත් පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත් බවයි.
Kristofer Hiviju
Game of Thrones, The last king, The fate of the futious, After Earth වැනි නාට්‍ය මාලා සහ චිත්‍රපට තුළින් රංගනයෙන් දායක වූ ක්‍රිස්ටෝෆර් හොලිවුඩයට වටිනා නෝර්වේජියානු ජාතිකයෙක්. මාර්තු 16 වැනිදා ඔහු ඉන්ස්ටර්ග්‍රෑම්හි ඡායාරූපයක් පළකරමින් සටහන් කර තිබුණේ ඔහුගේ වෛරස තත්ත්වයත් ධනාත්මක වී ඇති බවකි. නමුත් ඔහුගේ රෝගී තත්ත්වයන් බරපතල නොවීම හේතුවෙන් නිවසේදීම ස්වයං නිරෝධායනයකට ලක්වීමට ක්‍රිස්ට්‍රෝෆර්ට සිදුවුණා.
Debi Mazar
ඩෙබී මසාර් වර්තමානයේ බිහිවන චිත්‍රපට තුළ වැඩිපුර දකින මුහුණක් නොවුණත් එක්දහස් නවසිය ගණන්වල සිට විසිවන සියවසේ මුල් වර්ෂයන්වලදී තිරගත වූ චිත්‍රපට කිහිපයකත් රංගනයෙන් දායක වූ ඇමෙරිකානු නිළියක්. ඉතින් ඩෙබිත් පසුගිය මාර්තු 21 වැනිදා තහවුරු කරගෙන තිබුණේ මාර්තු 15 දා සිටි ශරීරයේ තිබූ උණ තත්ත්වයත් සමඟ ඇයගේ රෝගී තත්ත්වයත් ධනාවත්මක වී ඇති බවයි. ඒ පිළිබඳ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ රසිකයන්ට දන්වා සිටි ඇය වැඩිදුරටත් පවසා සිටියේ සියලුම දෙනාට නිවෙස්තුළම රැඳී සිටිමින් වෛරසය තුරන් කිරීමට උපකාර කරන ලෙසත් පැතිරීම වළක්වාගැනීමට සහය දක්වන ලෙසටත්ය.
Daniel Dae Kim
ඩැනියල් කිම් කියන්නෙත් කොරියානු ජාතික හොලිවුඩයට අරක්ගත්ත තරුණ නළුවෙක්. ඔහු Hell boy, Spider man 2, The Andromeda Strain, Hulk වගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට ඔස්සේ ප්‍රෙක්ෂකයා පිනවූ අපූරු නළුවෙක්. ඉතින් ඉහත සඳහන් නළු නිළියන් වගේම ඩැනියල්වත් හොයාගෙන කොරෝනා වෛරසය එනවා. අනිත් හිතාදර රංගන ශිල්පීන් වගේම ඩැනියල් ඉන්ටර්ග්‍රෑම්හි වීඩියෝවක් පළකරමින් මාර්තු 19 වැනි දින සැල කර තිබුණේ ඔහුගේ වෛරස ප්‍රතිඵලද ධනාත්මක බවයි. රෝග විනිශ්චයට පෙර කිම් රූපගත කිරීමක් සඳහා නිව්යෝර්ක් නගරයේ රැඳී තිබුණා. නමුත් ඩැනියල්ගේ හදිසි රෝගී තත්ත්වයත් එක්ක ඒ සියලුම රූපගත කිරීම් නැවතී තිබෙනවා. ඒ වගේම ටොම් හෑන්ක් වගේ ඩැනියල් ද ඔහුගේ පූර්ණ සුවයෙන් පසුව රුධිර ප්ලාස්මා පරිත්‍යාගත කර තිබෙනවා. &මා විසින් ගොඩනගා ඇති ප්‍රතිදේහ Covid19 වෛරසයට එරෙහි සටනේදී අන් අයට උපකාර කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පරිත්‍යාග කිරීමට හැකිවීම ගැන සතුටුයි* යනුවෙන් ටොම් පවසා තිබුණා.
ඉතින් වාසනාවකට කොරෝනා වෛරසය වැළඳුණත් මොවුන් අද සම්පූර්ණයෙන් සුවයෙන් සිටිනවා.