
අනර්කලී ආකර්ෂා
මේ වෙනකොට දුර රටක හිටියත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ආදරය කරන මීට වසර කීපයකට පෙර ශ්‍රී ලාංකේය සිනමාවේ ජනප්‍රියතම නිළියක් වූ සුන්දර මෙන්ම නිහතමානී තාරකාවියක් තමයි අනර්කලී ආකර්ෂා කියන්නේ. විටින් විට සමාජයේ විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වුණ ඇය විවාහයෙන් පසුව වසර කිහිපයක සිට නිහඬව අමෙරිකාවේ දිවි ගෙවුවත් දැනටත් නිරන්තරයෙන් ඇය තරුණයන් සේම තරුණියන්ගේත් මාතෘකාවක් බවට පත්වෙනවා. රංගනයේ මෙන්ම ඇය දේශපාලනයෙත් ඇය යෙදී සිටියා.
දැනටනම් සිනමාවට සමුදීලා ආදරණීය සැමියා සමඟ විදෙස්ගත වෙලා ඉන්න අනර්කලී ඇයගේ %දිය ඇල්ලක් සේ^ කියන අලුත්ම ගීතයත් රසිකයන් වෙනුවෙන් එළිදක්වලා තිබුණා. රංගනයට අමතරව අනර්කලී ආකර්ෂාගේ ගායන හැකියාව හොඳින්ම හඳුනාගැනීමට හැකි වුණේ එම ගීතයෙන් කියලයි ඇයගේ බොහෝ රසික රසිකාවියන් පවසා තිබුණේ. එහි සංගීත වීඩියෝවත් මෙම වසංගත තත්ත්වයෙන් පසුව කිරීමට බලාපොරොත්තු වන බව අනර්කලී පවසා සිටියා.
ඒ වගේම රට වෙනස් කළා කියලා පුංචි කාලේ ඉඳන්ම දින චර්යාවේ තිබුණු පුරුදු වෙනස් කරගන්න අකමැති අනර්කලී හැමදාම උදෑසන 6.00ට අවදි වෙලා ඇගේ දවස ආරම්භ කරනවා. ඇය පවසා සිටියේ උදෑසන අවදි වූ මොහොතේ ඇය පළමුවෙන්ම සිතන්නේ ඇයගේ අද දවසේ ඇයට කරන්න නියමිත කාර්යයන් ගැනලු. ඒ අතර අනර්කලී නිතරම සිතන්නේ අභියෝග සහ ඉලක්කයන් ගැන සහ ඒ ඉලක්ක වෙත ළඟා වෙන්න කරන්න ඕන මොනවාද යන්නයි. ඉතින් ඒ විදිහට දවස ගෙවන විදිහ කළමනාකරණය කරගන්න අනර්කලී ඊටපස්සේ මුලින්ම ගෙදර ඇතිකරන හුරතල්ලු දෙන්නට කන්න දෙනවා. සැමියටත් කලින් බල්ලන්ට කන්න දෙනවා කියලා තමයි ආරංචි. ඊටපස්සේ එයාලව ඇවිදින්න එක්ක යන අනර්කලී ගෙදර ආවම උදේ ආහරය ගන්නෙ නැතිලු. උදෑසන ආහාරය නොගැනීම ඔවුන්ගේ දෛනික පුරුද්දක් යැයි ඇය පවසා සිටියා.
කෙසේ නමුත් සයුරෙන් එහා දුර බැහැරක වාසය කළත් අනර්කලී විටින් විට ලංකාවේ සිටින ඇයගේ රසිකයන් හා සම්බන්ධ වෙන්නත් අමතක කරන්නේ නෑ. ඒ වගේම මේ වනවිට ලෝකයේ කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් බැට කන රටක ඉන්න අනර්කලී එහි නිවාස සංකීර්ණ තුළ සිරවී සිටින අය වෙනුවෙන් නිරන්තරයෙන් ගීත ගායනා කර හෝ ඔවුන්ගේ හදවත් පීඩනයෙන් අඩු කරන්න වෙහෙස මහන්සි වෙනවා. ලංකාවේ වගේම ඇමෙරිකාවෙත් ඇය බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්ත යුවතියක් බවට පත්වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට සරලව සතුටින් කාලය ගෙවපු අනර්කලීත් දැන් ලංකාවේ අනිත් කලාකරුවන් වගේම අමෙරිකාවේ ඇයගේ නිවස්නය තුළට කොටු වෙලා කාලය ගත කරනවා. නමුත් ඇය පවසන්නේ නිරතුරුවම අනෙකාට ආදර්ශයක් වෙන විදිහට ඇයගේ කාලය ගෙවීමට ඇය කැමැති බවයි.
දිනෙන් දින ඉහළ යන අමෙරිකාවේ කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය ගැන පවසා ඇය පසුගිය දිනෙක සජීවීව ඇයගේ රසික රසිකාවියන් හා සම්බන්ධ වී තිබුණා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ නිවෙස් තුළට වී කාලය ගතකරන පුද්ගලයන් වෙනුවෙන් ඉතාමත් වටිනා කියමන් රාශියක් ඇයගේ කෙටි වීඩියෝව තුළ ගැබ්ව තිබුණා. විවිධාකාර වටිනා අදහස් ඔස්සේ මිනිස් සිත තුළ අභප්‍රේරණයක් ඇති කිරීමට සමත් වූ ඇය සැබැවින්ම ආදර්ශමත් චරිතයක්.
ඇය එම වීඩියෝව මගින් මෙම කාලවකවානුව තුළ නිවෙස් තුළම සිර වී මානසික අවපීඩනයෙන් සිටිනවුන් වෙනුවෙන් අදහස් දක්වා මෙලෙසිනුයි.
අමෙරිකාවේ තත්ත්වය දැන් ගොඩක් දරුණුයි. දවසින් දවස කොරෝනා මරණ වැඩිවෙනවා. ඒ නිසා ගොඩක් දෙනා ගෙදරට වෙලා ඉන්නේ. මම අද උදෙන්ම නැගිට්ටේ සජීවීව ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න. හරි බයයි. නමුත් බය වෙලා හරියන්නෙ නෑ. අපි හැමෝම කල්පනාවෙන් වැඩ කරන්න ඕන. පළවෙනියටම වටින්නේ තමන්ගේ සෞඛ්‍ය. මේ කාලේ අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන තමන්ගේ මනස දියණු කරගන්න ක්‍රම ගැන. මම දන්නවා ගොඩක් දෙනා කැමතියි මුකුත් වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්න. නමුත් ඒක නෙවෙයි කළ යුත්තේ. ජීවිතේ සැහැල්ලුවට ගන්න එපා. හැමදාම එකම තත්ත්වයක ඉන්න එක හො෯ඳ නෑ. ඔයාලට මීට වඩා ජීවිතේ උසස් තත්ත්වයකට ගෙනියන්න පුළුවන්.
අපි හැමතිස්සෙම ඉලක්ක පස්සෙ යන්න ඕන. මේ කාල සීමාව තුළ ඔයාලට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් කාලෙ නිකන් නාස්ති කරන්න එපා. මේ සියලු දේවල්වලින් අපි පාඩම් ඉගෙනගත යුතුයි. ජීවිතේ මේ වෙනකල් ඔයාලා කිසි දෙයක් ඉගෙනගන්න යොදවලා නැත්නම් ඒ වෙනුවෙන් මේ කාලය යොදාගන්න. මුකුත්ම බැරිනම් ජීවිතේට සැලැස්මක් හදාගන්න. මේ කාලය අපිට ලැබිලා තියෙන්නේ අපේ සෞඛ්‍ය සහ මනසේ වර්ධනය ගැන හිතන්න. මේ කාල සීමාවත් වැඩක් නැති වෙනවා අපි මේකෙන් ප්‍රයෝජනයක් නොගත්තොත්. මේ ටිකේ ගෙදරට වෙලා ටීවී බල බල ඉන්න එක ඇත්තටම හොඳයි. නමුත් ගොඩක් වටින දෙයක් ඉගෙනගත්තොත් ඒක ඊටවැඩිය හොඳයි.
සිංග්ලිෂ් භාෂා විලාශය නිසා අපේ රටේදි ඇතැම් පුද්ගලයන්ගේ විවිධ අපහාසයන්ට, මඩ ප්‍රහාරවලට ලක්වුවත් ඇය තවමත් ලංකාවේ සංස්කෘතියට ඇලුම් කරන ලංකාවේ ගෙවූ ජීවිතය පිළිබඳ නිරන්තරයෙන් සිහි කරන අපේම යුවතියක්. ඈතක සිට හෝ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් වර්තමානයට විතරක් නෙවෙයි අනාගතයටත් හරිම වටින ලස්සනට, පිළිවෙළට ඇය කළ ඒ අභිප්‍රේරණ කතාන්දරය හැමෝටම ගොඩක් ආදර්ශමත්. අනර්කලී කියන විදිහට ඇත්තටම මේ ලැබිලා තියෙන දිගු කාල සීමාව තුළ තමන්ටත් අනුන්ටත් වටිනා දෙයක් කළොත් එය කොරෝනා වෛරසයෙන් ඔබ ලද විශාල ජයග්‍රහණයක් වේවි.